Page views
Friday, November 21, 2014
කන්නෙත් නැති බොන්නෙත් නැති අපූරු මිනිසෙක්.
මෙන්න යාලුවනේ පට්ට පුවතක් අපේ අල්ලපු රට ඉන්දියාවෙන් ඇහුනා...කියවලා බලන්නකෝ..පුදුම හිතෙයි...
වනගත යෝගීවරුන් විශාල වශයෙන් ජීවත් වන රටකි ඉන්දියාව. එසේ වනගත යෝගීවරුන් විවිධ අසාමාන්ය හැකියාවන්ගෙන් හා පුරුදු වලින් සමන්විත වෙති. ප්රාහ්ලාද් පානි යනු එවන් අසාමාන්ය පුරුදු ඇති වනගත යෝගීවරයෙකි. ඔහුට අවුරුදු 70ක්, පැය 24ක් පුරා පුරා කිසිම ආහාරයක් ගෙන නොමැති අතර එම කාලය තුළ වතුර උගුරක් හෝ පානය කර නොමැත. 1929 අගෝස්තු 13 උපත ලබා ඇති ඔහු අවුරුදු 11දී හින්දු යෝගී භාවනා වැඩීම සඳහා වනගත වී ඇත්තේ තනිවමය. එසේ වනගත වූ ඔහුට 1940දී එක් දිනක් රාත්රියේ භාවනා යෝගීව සිටි ඔහු වෙත පැමිණුනු ත්රිමුර්තී දෙවඟනන් ඔහුගේ දිවට ඇගිලි තබා කිසිදා ආහාර ඔහුට උවමනා නොවනු ඇති බවට ආශිර්වාද කල බව මෙම යෝගීවරයා පවසයි. ඒ අනුව ඔහු 1940 සිට මේ දක්වා අවුරුදු 74ක් කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගෙන නොමැත. මේ පිළිබඳ වෛද්යවරුන් පිරිසක් විසින් 2003 වර්ෂයේදී සහ 2010 වර්ෂයේදී පරීක්ෂණ කිහිපයක් කර තිබේ. එම සියලුම පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙම අපුර්ව පුද්ගලයා කිසිම ආහාර පානයක් නොගෙන ජිවත් වෙන බවයි. එසේම ඔවුන් පවසන්නේ මෙම යෝගිවරයාගේ ශරීර සෞඛ්ය ඉතාම හොඳ මට්ටමක තිබෙන බවයි. එසේම ඔහුගේ සියලුම අවයවද නිසි පරිදි ක්රියාකරන බව ඔවුන් පවසයි. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්යන්තර ක්රියාවලි සිදුවේ. ශරීරයේ ආහාර ජීර්ණ ක්රියාවලියක් සිදු නොවන නිසා ශරීර කෘතයන්ද සිදු කිරීමට අවශ්ය නොවන බව වෛද්යවරුන් පවසයි.
ඉතින් කොහොමද වැඩ ඔයාලට හිතන දේ comment කරන්නකො
Subscribe to:
Post Comments (Atom)
929778719.jpg)
-1010226009.jpg)
No comments:
Post a Comment